fbpx

ලොව පළමු දුරකතනය

ලොව පළමු ජoගම දුරකතනය බිහි වූයේ අදින් වසර 40 කට පමණ පෙරාතුව බව විශ්වාස කිරීමටත් අපහසුය.එනම් 1973 වර්ෂයේ Motorola සමාගම විසිනි.
ඒ කාලයේ Apple සමාගම බිහි වූවා පමණකි.තාක්ෂණික ලෝකයේ යෝධයන් වන Google වැනි සමාගම් පටන් ගෙනවත් නොතිබිණි.
වයර් රහිතව කතා කිරීමේ මෙම මුල්ම පියවර තාක්ෂණික ලෝකයේ මූලික හැරවුම් ලක්ෂයක් විය.පළමු ජoගම දුරකතන අධික බරකින් යුක්ත වූ අතර ප්‍රමාණයෙන්ද විශාල විය.අද වන විට මෙම තාක්ෂණය පරම්පරා ගණනාවක්ම පසු කරගෙන පැමිණ ඇත.

ලොව පළමු දුරකතනය නිපදවූයේ 1973 අප්‍රියෙල් 3 වෙනි දාය.
ඒ Motorola ආයතනයේ ඉoජිනේරුවෙකු වන (Martin Cooper) මාටින් කූපර් විසිනි,
මෙම දුරකතනය Motorola-dynatac-8000x නම් විය.
ඔහු පළමුව rival telecommunications ආයතනය අමතා පවසා සිටියේ තමා ජoගම දුරකතනයක් ඔස්සේ කතා කරන බවයි. මෙය පළමුවෙන්ම ජoගම දුරකතනයකින්
ලබාගත් ඇමතුම සේ සැලකිය හැකිය.
කූපර් විසින් භාවිතා කළ මෙම දුරකතනය කිලෝ 1.1ක බරකින් යුක්ත විය.
එහි වර්ග ප්‍රමාණය 228.6x127x44.4mm විය.
මෙම උපකරණය විනාඩි 30 ක කතා කාලයකින් යුක්ත විය.සම්පූර්ණයෙන්ම චාර්ජ් වීමට පැය 10ක පමණ කාලයක් ගත විය.

 මාටින් කූපර් Motorola-dynatac-8000x දුරකතනය සමඟ.

1983 දී Motorola සමාගම පළමු වාණිජමය දුරකතනය නිකුත් කලේය,
මෙය Motorola DynaTAC 8000X විය.
මෙය විනාඩි 30 ක කතා කාලයකින් යුක්ත වූ අතර,
පැය 6ක් ක්‍රියාත්මකව තබා ගත හැකි විය.
එලෙසින්ම දුරකත්න අoක 30ක් ගබඩා කර තැබීමේ පහසුවද මේ සතුව තිබුණි,
එය ඩොලර් 3995 ක් ලෙස මිල කර ඇත.

Motorola DynaTAC 8000X දුරකතනය.

ඔබ නොදත් කරුණු බිදක්…

  • Nokia 1100 මාදිලියේ දුරකතන මිලියන 250කට වඩා විකිණී තිබේ. මෙය ඉතිහාසයේ හොදම විද්‍යුත් උපාoග අළෙවිය වේ.
  • ලෝකයේ වැසිකිළි වලට වඩා ජoගම දුරකතන පවතී.
  • සාමාන්‍යයක් වශයෙන් මිනිසෙක් දවසකට 110 වතාවක් ඔහුගේ හෝ ඇයගේ ස්මාට් දුරකතනය unlock කරයි.
  •  Apple ආයතනය 2012 වර්ශයේදී දවසකට iPhone 340,000 ක් අලෙවිකර ඇත.
  •  ජපානයේ 90% කට වඩා දුරකතන ජල ප්‍රතිරෝදී වේ, මන්ද යත් තරුණයින් නාන විටදී පවා දුරකතන භාවිතා කරයි.
  •  Microsoft සමාගමේ පවතින සියළුම දේ වල වටිනාකමට වඩා Apple සමාඟම iPhone අලෙවියෙන් උපයා ඇත.
  • Nomophobia
    යනු දුරකතනය නොමැතිවීම හෝ සිග්නල් නැති වීම පිළිබදව ඇති වනු ලබන බියයි.
  • බ්‍රිතාන්‍යයේ සෑම අවුරුද්දකට ජoගම දුරකතන 100,000 වැසිකිළි තුලට වැටේ.
  • චීනයේ පරිගනක වලට වඩා ජoගම දුරකතන යොදාගෙන අන්තර්ජාලය භාවිතා කරයි.
  •  99% ක් දුරකතන වෛරස Android පද්ධති සදහා ඉලක්ක කර ඇත.
  • ඇමරිකාවේ 47% ක් දෙනා පවසන්නේ ඔවුන්ට තම ජoගම දුරකතනය නොමැතිව ජීවත් විය නොහැකි බවයි.
  • Mobile Phone Throwing-ජoගම දුරකතන විසි කිරීම යනු ෆින්ලන්ත්යේ පවතින ක්‍රීඩාවකි. 
  • “The razor-toothed piranhas of the general Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality, they seldom attack a human.”  ඉහත වාක්‍යය තප්පර 37.28 ක් තුල ට්යිප් කිරීමෙන් නෝර්වීජියානු ජාතිකයෙකු වන Sonja Kristiansen ජිනස් වාර්තාවක් තබා ඇත.

Blackberry මාදිලියේ පළමු දුරකතනය. 

1999 – BlackBerry 850

1997 – Motorola StarTAC

1998 – Nokia 5110

1997 – Nokia 6110

What’s your Reaction?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Leave a Reply

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping
Pcbonix

FREE
VIEW